Posts

චරිත කැඩපත

Image
  නා නා විධ චරිතයන්ගෙන් හෙබි සමාජ වටපිටාවක, ගැමි නාටක ප්‍රස්තුතය ඒ සමාජ චරිත  ජීවමාන කරනුයේ සහෘද සිත් මත හාස්‍ය, උපහාසය මනාව ගැබ් කරමින්ය. නාට්‍යානුසාරිව චරිත විදහා දක්වන මේ ගැමි නාටක,  සොකරි  කෝළම් ලෙස ද්විත්වාකාරය.වෙරළාසන්න ප්‍රදේශ ඒකරාශී කොට ව්‍යාප්ත වූ සොකරි ගැමි නාටකය සහෘද  නෙත්  සිත්   සොරා ගත්තේ එක් චරිතයකට අනුකම්පාවත් තවත් චරිතයක් කෙරේ වෛරය, ක්‍රෝධය නැතහොත් හාස්‍ය හා උපහාසය ගෙනහැර පාමිනි. "සොකරී එන්නී සබයෙන් අවසර ගන්නී  නැටුම් නටන්නී තාලෙට පාද තබන්නී...." සොකරිය සබයට පිවිසෙයි.  පුරුෂයෙක් කාන්තාවකට ආරූඪ කොට අඟ පසඟ පවා කාන්තා ආභාෂය ලබා දෙමින් කාන්තාවගේ ක්‍රියාපිළිවෙත් ඉදිරිපත් කරනුයේ  නරඹන කතකගේ පවා   ගත මත  හිරිකඩු ඉතිරි කරවමින්ය. කතකගේ  වගතුග මනාව හෙළි කරනු ලබන සොකරි චරිතය තත්කාලීන ගැහැනියකගේ එක් ජවනිකාවක් ඉදිරිපත් කරයි. නාටක සබයට විනෝදාස්වාදය ද, දින ගණනක් මුළුල්ලේ අව්ව, වැස්ස හා මහ පොළොව සමඟ හරිහරියේ පොර බැඳී ගොවි රජාගේ දහඩිය මහන්සිය  ශූන්‍ය කිරීමට හැකිවනු නොඅනුමාන...

නර්තනයේ ගෝලීයකරණය

Image
  ගෝලීයකරණ සංකල්පය මත ලොව සියලුම සංස්කෘතික සංඝටකයන් ජාලකරණයට ලක් විය. ඒ ඔස්සේ සියලුම කලා සංස්කෘතීන් නවීකරණය විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස එය මානුෂීය ක්‍රියාකාරකම වලට යහපත් හා අයහපත් අයුරින් බලපානු ලැබීය. විශ්වීය සංකල්ප කේන්ද්‍රකර ගනිමින් සියලු කාර්යයන් ආර්ථිකය මත සමාජගත වුණි.  ඒ ඔස්සේ ප්‍රාසාංගික කලාව ද නව්‍යතාවයකින් යුතුව සමාජය තුළ මානුෂීය වින්දනය ලබා ගත හැකි අයුරින් සංවර්ධනය විය. පූර්ව ගෝලීයකරණ යුගයන්හි කලාව යනු සියලු සමාජ ඒකාග්‍රතාවක ට ගෙන යා හැකි විශ්මිත මාධ්‍යකි.  ප්‍රශස්ත නිර්මාණ රචනයක්, නර්තනයක්, සංගීතමය ප්‍රයත්නයක් විඳීමට මුළු මහත් සමාජයක් ම පැමිණෙන අතර තත් සමාජයේ මිනිසුන් අතර ආනන්දයත්, ඒකාග්‍රතාවයත් ඇති කරගන්නට එකී කලා නිර්මාණ තුළින් ලද දායකත්වය වැදගත් කොට සැලකිය හැකිය. පවතින සමාජ ගතිකයන් ආරක්ෂා කිරීමට වඩා ආගමික, අධ්‍යාපනික, දේශපාලනික ක්ෂේත්‍රයන් ඔස්සේ එම සංකල්පයට  නව්‍යකරණයක් ලබාගැනීමට ගෝලීයකරණ ක්‍රියාවලිය තුළින් හැකි වී ඇත. ගෝලීය සංස්කෘතික ක්‍රියාවලියේදී නර්තනයේ කලාත්මක ක්ෂේත්‍රය ඉහළ මට්ටමක පවතිනු ලැබේ. විවිධ කලාප වල විවිධ ජාතික තලවල ප්‍රාදේශීය මට්ටම්වලින් සංස...