චරිත කැඩපත
නා නා විධ චරිතයන්ගෙන් හෙබි සමාජ වටපිටාවක, ගැමි නාටක ප්‍රස්තුතය ඒ සමාජ චරිත ජීවමාන කරනුයේ සහෘද සිත් මත හාස්‍ය, උපහාසය මනාව ගැබ් කරමින්ය. නාට්‍යානුසාරිව චරිත විදහා දක්වන මේ ගැමි නාටක, සොකරි කෝළම් ලෙස ද්විත්වාකාරය.වෙරළාසන්න ප්‍රදේශ ඒකරාශී කොට ව්‍යාප්ත වූ සොකරි ගැමි නාටකය සහෘද නෙත් සිත් සොරා ගත්තේ එක් චරිතයකට අනුකම්පාවත් තවත් චරිතයක් කෙරේ වෛරය, ක්‍රෝධය නැතහොත් හාස්‍ය හා උපහාසය ගෙනහැර පාමිනි. "සොකරී එන්නී සබයෙන් අවසර ගන්නී නැටුම් නටන්නී තාලෙට පාද තබන්නී...." සොකරිය සබයට පිවිසෙයි. පුරුෂයෙක් කාන්තාවකට ආරූඪ කොට අඟ පසඟ පවා කාන්තා ආභාෂය ලබා දෙමින් කාන්තාවගේ ක්‍රියාපිළිවෙත් ඉදිරිපත් කරනුයේ නරඹන කතකගේ පවා ගත මත හිරිකඩු ඉතිරි කරවමින්ය. කතකගේ වගතුග මනාව හෙළි කරනු ලබන සොකරි චරිතය තත්කාලීන ගැහැනියකගේ එක් ජවනිකාවක් ඉදිරිපත් කරයි. නාටක සබයට විනෝදාස්වාදය ද, දින ගණනක් මුළුල්ලේ අව්ව, වැස්ස හා මහ පොළොව සමඟ හරිහරියේ පොර බැඳී ගොවි රජාගේ දහඩිය මහන්සිය ශූන්‍ය කිරීමට හැකිවනු නොඅනුමාන...